ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අංක 453/12 දරණ 1978 මැයි මස 12 වන දින ප්රකාශයට පත් කරන ලද ගැසට් පත්රය මගින් අකුරැස්ස ප්රාදේශීය සභාව ස්ථාපනය කර ඇති අතර, අංක 485/17 දරණ 1987/12/23 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය පරිදි 1988/01/01 දින සිට අකුරැස්ස ප්රාදේශීය සභාව ක්රියාත්මක වේ.
මැතිවරණයක් පවත්වා සභිකයන් වැඩභාර ගන්නා තෙක් අකුරැස්ස ප්රාදේශීය සභාවේ ප්රථම විශේෂ කොමසාරිස් ලෙස කිත්සිරි ඩයස් අමරවර්ධන මහතා 1988/01/01 දින වැඩ භාර ගන්නා ලදී.
අකුරැස්ස ප්රාදේශීය සභාව සඳහා ආරම්භක සභිකයන් තෝරා ගැනීමේ මැතිවරණ 1991/05/11 දින පවත්වා එම මැතිවරණ ප්රතිඵල අනුව ආරම්භක සභාපතිනිය වශයෙන් සුනීතා දික්මාදුගොඩ මහත්මිය පත් වූවාය.අකුරැස්ස ප්රාදේශීය සභාවේ ආරම්භයේ සිට වර්තමානය දක්වා පහත පරිදි විශේෂ කොමසාරිස්වරු හා සභාපති/සභාපතිනි,උප සභාපති/උපසභාපතිනි ලෙස පාලනය කරන ලදී.